(නම
ඉස්සුවේ ඉල්හම් හුසේන්ගේ පොස්ටුවකින්...)
Art
is found in the hearts of the faithful කියල කියමනක් තියෙනවා. ඒක සහතික ඇත්ත. මට ඒක
හරියටම තේරුණේ ශමීර රංගන නාඔටුන්නගේ චිත්‍රපටය බලපු වෙලාවේ. බොහොම අවංක උත්සහයක්,
තේරුම් ගන්න බැරි කසි කබල් ෆිලොසොෆි වෙනුවට ශමීර පෙන්නන්නේ අහිංසක හීන තියෙන කොල්ලෙක්ගේ
සාමාන්‍ය දවසක්. චිත්‍රපටයේ protagonist ගේ
නමත් රංගන. සමහරවිට චිත්රපටියෙ කතාව ශමීරගේම experience එකක් වෙන්න ඇති. ඒක එයා බය නැතුව කියනවා. සමහරවිට
එයාගේ experience
එකක්
නොවෙන්න පුළුවන්. එත් ශමීර චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔහුගේම නම යොදල, රංගන මුහුණ දෙන ගැටලුව තමන්ගේම කරගන්නවා. මේක හරිම
හැගීම දනවන සිද්ධියක්. ශමීර තමන්ගේම experience එක හා මිශ්‍රිත fantasy එකක් සහ ගොතන ලද අවසානයක් අපිට චිත්‍රපටයක්
විදිහට ඉදිරිපත් කරනවා. එකයි මම කිව්වේ මෝටබයිසිකල් බැලුවට පස්සේ arts තියෙන්නේ faithful මිනිස්සුන්ගේ හදවත් වල කියන එක මට වැඩියෙන්
දැනුණා කියලා. චිත්රපයට සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව ඒක වෙන්නැති. ශමීරගෙයි රන්ගනේගෙයි
තියෙන ආත්මීය බැදීම.
චිත්‍රපටය
පටන් ගත්තු වෙලාවේ ඉදල බොහොම සීරුවට ගලපලා තියෙනවා. Title belt එකේ යන සින්දුවේ අවසානේ කෙලින්ම කට් වෙන්නේ bar එකක් ඇතුලේ සින්දුවේ අවසාන lyrics ගායනා කරන රංගනට. සම්ප්‍රදායික චිත්‍රපටි වල වගේ
මොටබයිසිකලේ රංගන අසාමාන්‍ය හැකියාවක් තියෙන අති දක්ෂ සංගීත කාරයෙක් නෙවෙයි. බොහොම
realistic මියුසිශියන් කෙනෙක්. හිටිගමන් Codes අමතක වෙන, මුදුනටම යන්න හීන දකින කොල්ලෙක්.
රංගනගේ ඔපෙරා හෝල් එක තුට්ටේ දෙකේ බාර් එක. ජිවිත අවුල් කරගත්ත, දාලා යන්න ඔන්න
මෙන්න ඉන්න ගැනු බැදපු මිනිස්සු ෆිලොසෝෆි
කතා කරදදී උන්ට පසු බිම් සංගීතයෙන් ගැම්ම දෙන්න ඉන්නේ රන්ගනලා. (මම මේ කියපු එක
වදින්න ඕනි කට්ටියට වදියි. ශමීර රන්ගනල නැත්තන් පහු ගිය කාලේ ලංකාවට international awards තිබුනේ කියෙන් කියද, ඌ නැත්තන් තවම ලංකාවේ
මිනිස්සු official
selection කියල
laurels හැටක් විතර ගහගෙන ලොකුවට කය්ය ගහන අය්යලාගේ show බලනවා.)
Commercial
hub එකක්,
posh නගරයක් කියල පෙන්නනවා වෙනුවට ශමීර කරන්නේ කොළබ
නගරේ කටුකකම පෙන්නන එක. කොළඹට එච්චර harsh ගතියක් දෙන්න මම නං හිතන්නේ නැ වෙන එක ෆිල්ම්
එකකින්වත් පුළුවන් උනා කියලා. නිර්ධන පාන්තිකයින් කියල හැමදාම දකින ලයිම වෙනුවට
ශමීර grasp කරනවා ලැයිම් උපසංස්කෘතිය ඇතුලෙම තියෙන විවිධ ස්තර.
ඒ විතරක් නෙවෙයි, ගංජා කාරයෝ කියන්නේ කුඩු කාරයන්ට නෙවෙයි, ගංජා කාරයෝ කියන්නේ මැරයන්ට
නෙවෙයි කියලා ශමීර බොහොම හෙමින් සීරුවට පෙන්නනවා. චිත්‍රපටය ඇතුලේ ජෝඉන්ට් ගහන්නේ
සින්දුවක් කියල, බෑන්ඩ් එකක් ගහගෙන පාඩුවේ ඉන්න සෙට් එකක්. ඒ අස්සේ කුඩුකාරයෝ
රෙද්ද උස්සන් යන තරමටම පාත මිනිස්සු. (ගොඩක් මිනිස්සු මේක දන්නේ නෑ. ගන්ජයි,
කුඩුයි, පාතාලෙයි උන්ට එකයි) ශමීර තමයි මේක කෙලින්ම බය නැතුව address කරපු එකම කෙනා. (තව අය ඉන්නවා ඇති, එත් එහෙම කරලා
screen කරගන්න වාසනාව තිබුනේ ශමීරට විතරයි, මයේ හිතේ.)
දසුන්
ගැනයි, සමනලී ගැනයි කියන්නම ඕනි. Perfect Casting, කොට මොඩල් දෙක හොදටම ගැලපෙනවා. උන් දෙන්න
ඇවිදින්නේ, බදාගන්නෙ, කතා කරන්නේ, තුරුල් වෙලා ඉන්නේ, තරහ වෙන්නේ ඇත්තම කපල්එකක්
විදිහට. චිත්‍රපටය මැද්දේ තියෙන උන් දෙන්නගේ පොඩි dance එක, best choreography වගේ awards දෙන්න ඕනි මේවට. මුන් දෙන්න දැනෙන්න නටනවා. මාර simple චලන ටිකකින් එච්චරටම මිනිහෙක් අල්ල ගත්තේ කොහොමද
මන්දා. මුළු audience
එකම
මීක් නැතුව බලාගෙන හිටියා. ෆිල්ම් එක අපහු බලන්න යන කෙනෙක් සින්දුව යද්දී වටේ
මිනිස්සුන්ගේ මූණු දිහා බලන්න. කට ඇරලා හිනා වෙන්නේ නැති උනාට උන්ගේ මූණු වලින්
පේනවා උන් සින්දුව enjoy
කරනවා
කියලා. ඇත්තමයි Bollywood
පොරවල්
ඉගෙන ගන්ඩ ඕනි මේ වගේ shoot කරන්ඩ.
චිත්‍රපටයේ
තියෙනවා wedding
එකක
photoshoot එකක්. මුන් දෙන්න එක දැකල බයිසිකලේ නවත්තල බලන්
ඉන්නවා. ඒ වෙලාවේදී photographer ඇවිත් බයිසිකලේ ඉල්ලනවා photo shoot එකට. මේවා පට්ට cinematic අවස්ථා. කොටින්ම කියනවනං director ගෙම වැඩ කෑලි.
එකෙන් බයිසිකලේ highlight වෙනවා
විතරක් නෙවෙයි, ශමීර ඉඩ හදාගන්නවා දසුන්ටයි සමනලිටයි ෆොටෝශූට් එක දිහා බලාගෙන කතා
කරන්න ඉඩ දෙන්න. කලිනුත් කිව්වා වගේ සමහරවිට මෙව්වා ශමීර ඇත්තටම අත් විදපු dialogues වෙන්නැති. Dialogues පටන්ගන්නේ “මමත් කවද හරි kandyan” තමයි අදින්නේ කියල සමනලී කියන එකෙන්. ඇත්තටම photoshoot එකට ඉන්න මනමාලය ගොඩාක් වයසින් වැඩියි මනමාලිට
වඩා. ඒක observe
කරන
රංගන කියනවා “කෙල්ල ගොඩක් පොඩියි. Proposal එකක් වෙන්නැති. පවු, කලින් affair එකක් තියෙන්න ඇති. කෙල්ලගේ ගෙදරින් එකට කැමති
නැති වෙන්න ඇති. අම්මලා මනමාලයෙක් හොයල බන්දල දීලා”. මීට වඩා ලස්සනට පද ගලපලා තිබුනා. රංගන ඒක girlfriend දිහා බලාගෙන කියන්නේ බොහොම සංවේදී විදිහට, ඒක
මුළු audience එකටම දැනෙනවා. සමහරවිට රංගන ඒ වෙලාවෙත් දැනගෙන
ඉන්න ඇති කවදාහරි එයාටත්වෙන්නේ ඒ සේතෙමයි කියල. ශමීර මෙතැනදී ගොඩක් දක්ෂයි.ඉහල රූප
භාවිතාවක් උගේ ඇගෙ තියෙනවා. ශමීර මුල ඉදලම පෙන්නන්නේ රංගන තමන්ගේ කෙල්ල වෙනුවෙන්
මහන්සි වෙන මහන්සි විල්ල. ඒ අතරෙදිම ශමීර පෙන්නනවා photoshoot එකේ ඉන්න වයසක මනමාලයාගේ කොන්දක් නැතිගතිය.
කොටින්ම කිව්වොත් උගේ පිරිමි ලක්ෂණ අඩු ගතිය පෙන්නනවා. මනමාලිට honeymoon එකට ගිහින් කරන්න දෙයක් නැති වෙයි කියල ශමීර
නොකිය කියනවා. මේ වෙලාවේදීම දසුන් අහනවා සමනලීගෙන් අපි රූම් යමුද කියලා.
කලින්කිව්වා වගේ මාර cinematic වෙලාවක්
මේක.
රූම්
එකට යන විදිහ, ඇතුලේ උන් දෙන්න හැසිරෙන විදිහ සමනලීටයි දසුන්ටයි ඇරෙන්න වෙන
කාටවත්ම කරන්න බැරිවෙයි.... උන් දෙන්න එච්චරටම තාත්විකයි. සමනලි අතිශය සියුම් movements පවා කිසිම effort එකක් නැතුව perform කරනවා. කොටින්ම කිව්වොත් උන් දෙන්නට තියෙන චකිතය
එහෙන් පිටින්ම audience එකේ ඉන්න අපිට දැනෙනවා. එකට තවත් ලොකු හේතුවක්
තමයි ඒ scene එක shot composition එක. දිග duration එකක් තියෙන shots විතරයි මෙතනදී භාවිතා වෙන්නේ. සමනලී පැකිලෙන විදිහ දකින දසුන්ගේ reaction එක අපි මෙතනින් යමු කියන එක. එක තරහකට නෙවෙයි
පපුව පැලෙන්න තරං ආදරේකින් කියන්නේ කියල බලන මිනිහට තේරෙනවා. කපල් එක අතර ප්රශ්නය
ගොඩ නැගෙන විදිහේ ඉදල අවසානයේ වෙන්වී යාම දක්වා තියෙන sequence එක තමයි මට නං චිත්‍රපටයේ emotional ම කොටස. ඒක ගැන ලියලා spoil කරන්න මොකද්ද වගේ. එක බලලම විදින්න ඕනි අත්
දැකීමක්.
විශේෂයෙන්
කතා කරන්න ඕනි චිත්‍රපටයේ music ගැන.
දුක, සතුට, romance එක, මේ හැම තැනදීම අපිට ඇහෙන්න ටිකක් harsh music එකක්. ඒ දැනෙන harsh ගතිය තලු මර මර බුදින්ඩ පුළුවන්. එච්චරටම රහයි.
චිත්‍රපටියේ cinematography,
art direction මේ
කිසිම පැත්තකින් කියන්න තරම් පොඩි හෝ වැරද්දක් වෙලා නෑ. ශමීර ඒ අතින් හොදටම ලකී.
ශමිරගේ
චිත්‍රපටිය දුවනවා කිව්වහම field එකේ
අලුත් කොල්ලෝ සේරම සතුටු උනා. එක හොදටම තේරුණා උන් ශමීරට දුන්නු support එකෙන්. රැ තිස්සේ field එකේ අලුත් කොල්ලෝ marketing campaign කරා මෝටබයිසිකල් cover photo එකක් හැමෝටම දාන්න කියල. තමන්ගේ චිත්‍රපටි පෝලිමේ
තියෙද්දී අනුන්ගේ චිත්‍රපටියක් දුවනවා කියල සතුටු උනු එකම රට මේක වෙන්න ඇති. ඒවා
පපුව උණුවෙන තරමට ආදරේ හිතෙන වැඩ.
මොටබයිසිකලේ
film hall 40ක දුවනවා. ඉක්මනට ගිහින් බලන්න...
ස්තුතියි.
SD
No comments:
Post a Comment