අපි ඕනෑම කලා කෘතියක් රස විදින්නේ අපිට තියෙන මතකයන් එක්ක. මතකයන් කියල මම අදහස් කලේ අපි බලපු,කියෝපු,ඉගෙනගත්තු දේවල් ගැන විතරක් නෙවෙයි, අපේ feelings සහ අත්දැකීම් ගැනත් හිතල. අපි බල බල ඉන්න scene එකේ තමන්ට වෙච්ච දෙයක් එහෙම් පිටින්ම පෙන්නනවනන්, නැත්තන් මට මෙහෙම වෙන්ඩ කියලා දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල ඉන්න දෙයක් වෙනවනන් අපිට ඒක සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් බොක්කටම වදිනවා. ඒක කොයි මිනිහටත් පොදු දෙයක්. ඒකයි දෙමළ ෆිල්ම් එකක hero ඇවිත් තිස්පස් දෙනෙකුට ලොකු සෙනගක් ඉස්සරහා ගහනකොට mediocre (කියලා ලොකු පොරවල් හදුන්වන) audience එක විසිල් ගහන්නේ. අතිශය ශක්තිමත්, handsome ලූක් එකක් තියෙන කොල්ලෝ ඉන්න vampire movies බලන කෙල්ලෝ බෙල්ල කාලා ලේ බොන අහිංසක ප්‍රේමවන්තයෙක්ව හැමදාම රෑට ප්‍රර්ථනා කරන්නේ අර මම කලින් කියපු හේතුව හින්දා. මේ දෙකේ දශමෙක වත් වැරද්දක් නැහැ.අඩුම ගානේ ඒ වගේ crowd එකක් තමන්ට අවංකයි, හොද ෆිල්ම් මොනවද කියල අහපුවම imdb නැත්තන් rottentomato එකේ ratings පෙරලා කියන අය්යලාට වඩා.
මම හිමීට එන්න හදන්නේ මාතෘකාවට. "මංකරන සිනමාව" වගේ අහපු ගමන් බාගෙට දාර්ශනික ගතියක් තියෙන ,එත් එහෙම නැති, එත් පොරවල් කියල කියාගන්න අය්යලාගේ ඔලුව අවුල් වෙන විදිහේ නමක් දාලා පටන් ගත්ත අද බ්ලොග් එකේ මාතෘකාව මම කෙටියෙන් පැහැදිලි කරන්නන්.
මේ කාලේ ලංකාවේ ෆිල්ම් බැලුවම මම කියන්න හදන දේ සමහරවිට දැනටමත් තේරුම් අරගෙන ඇති. විශේෂයෙන් සිනහව අතරින්, නැත්තන් ගින්දරී වගේ නිර්මාණ බලපුවම මේ දේ හොදටම තේරෙනවා. චිත්‍රපටයකින් ඇත්තටම වෙන්න ඕනි මොකද්ද? සල්ලි හොයන එකද, අධ්‍යක්ෂකවරයා හරි නළුවා හෝ නිළිය ලොකු වෙන එකද? එහෙමත් නැත්තන් එකෙන් මොකක්හරි මතයක් ජනගත කරන එකද? ගින්දරි සහ සිනහව අතරින් එක්ක මම කැමතියි ඔය දේ ගැන ටිකක් කතා කරන්න. චිත්‍රපටයකින් අධ්‍යක්ෂකවරයාගේ මතය නිරූපණය වුනත් මම විස්වාස කරනවා චිත්‍රපටයකින් සිදුවිය යුත්තේ තනි පුද්ගල මතයකට එහා ගිය,universal දෙයක් නිරූපණය වීම බව. මං කියන්න හදන්නේ ෆිල්ම් එකක් ඇතුලේdirector ඉන්නම ඕනි නෑ කියන එක නෙවෙයි.කොතරම් දුරට ඉන්ඩ ඕනිද කියන එක.
හැබැයි, ඔය නිර්මාණ දෙකෙන්ම කරන්නේ director ල දෙන්නා මම පොර කියලා පෙන්නන්ඩ හදන එක.. මට ඕක උදාහරණ සහිතව විස්තර කරන්න පුළුවන්. බහුභූතිට talk කරන්න එන lucky dias ඇයට රමණයට ආරාධනා කරනවා මෙන්න මේ විදිහට. " මට නං හිතෙන්නේ ඔයා ගැලපෙන්නේ ඔය රස්සාවට වඩා රගපාන්න. මම ලංකාවේ හොදම director ලා අදුරනවා, උදයකාන්ත, ප්‍රසන්න එතකොට වසන්ත...."ආදී වශයෙන්." මට ප්‍රශ්නය තියෙන්නේ අනිත් කට්ටිය ගැන නෙවෙයි උදයකාන්ත ගැන. එකක් නෙවෙයි, දෙකක්ම තියෙනවා. පලවෙනි එක, උදයකාන්ත කොහොමද ලන්කාවේ හොදම director කෙනෙක් වෙන්නේ. එහෙම උනා කියලා ලැජ්ජාවක් තියෙන මිනිහෙක් කොහොමද ඒක කෑගහල ලෝකෙට කියන්නේ. එතුමා තමන් ඉන්න league එක
තේරුම් ගන්ඩ ඕනි.
අනිත් එක, චිත්‍රපටයේ තිර රචකයාම වන උදයකාන්ත හිතනවනන් එතුමා ගැහැනියෙක්ට ලිංගික ආශා දනවන පුද්ගලයෙක් කියල, මට කියන්න තියෙන්නේ අනේ මන්දා කියල තමයි. මට සමාවෙන්න මම මේ හදන්නේ එතුමාගේ මෞත්‍ර ලිංගික පද්දතිය ගැන කතා කරන්න නෙවෙයි. මම suggestion කිහිපයක් මතු කරනවා විතරයි. ඔය දේ ගොඩාක් තාත්වික වෙන්ඩ තිබ්බා වෙන කාගේ හරි නම් ටිකක් ලිව්වනන්.උදාහරණයක් විදිහ විජය කුමාරතුංග හිටියනං ඔතෙන්ට ලියන්ඩ සුදුසුම පුද්ගලයා ඔහු. මේ දේ අසූගණන් වල මිනිස්සු හොදට දන්නවා.මෙලෝ රහක් නැති මිනිස්සු වැහි වහපුකාලෙක විජයට ග්‍රීක දෙය්යෙක්ට වගේ ඇගක් තිබුන විජයට ගැනු පිස්සු වැටුනා. උදයකාන්ත ඔහුව සමාන කරගන්නවා ඒ වගේ තැනකට.
ගින්දරි ගත්තහම එකෙන් මතුකරන මතයක් නෑ. ෆිල්ම් එකේ trailer එකේ ඉදන් ගත්තහම, ෆිල්ම් එක මැද්දෙයි, ෆිල්ම් එකේ එන්ඩ් titles වලයි ඉන්නේ උදයකාන්ත.යැකින්න පාරේ යද්දී උදයකාන්ත උදාරිට රෝස මලක් දෙනවා. උදාරි ඒක රොෂාන් රණවනට දෙනවා. ඒක ඉබින රොෂාන්ට කිබිහුමක් වගේ එකක් යනවා.
(අනේ මන්ද මොකද්ද එකක් වෙනවා, මට තවම තේරුනේ නැති.) යකින්න දකින උදයකාන්තට chain එක මාරු වෙලා බලන් ඉන්නවා. උදයකාන්තගේ ඔලුවට ගිණි ඇවිලෙනවා.assistant ල ඇවිත් ගින්න නිවනවා. සමහරවිට එතුමා ඒ වගේ ඉතා අපහසු රූප රාමු වගේකට ගිහින් කියන්න හදන දේ තේරුම් ගන්ඩ මට උපකරණ මදිව ඇති.
සිනහව අතරින් තත්වය මීට හාත්පසින්ම වෙනස්. උසස් සිනමකෘතියකට වඩා එය crowd එක අන්දන නිර්මාණයක් එහෙමත් නැත්තන් crowd pleaser එකක්.(සමනල සන්ධ්වනිය වගේ) චිත්‍රපටය එපා වෙන්න පටන් ගන්නේ පටන් ගත්ත ගමන්ම අනවශ්‍යය තැනකට mix එකක් භාවිතා කරන සංස්කරණයක් නිසා. නමුත් එක මගේ මාතෘකාව නෙවෙයි. චිත්‍රපටය ඇතුලෙම ඉන්නේ සනත්. එකේ විමල් කෙනෙක් නෑ. මම සනත් කියල කියන්නේ රංගන ශිල්පියා විදිහට නෙවෙයි, අධ්‍යක්ෂකවරයා හා තිර රචකයා විදිහට. අනවශ්‍ය විදිහට තමන් රගපාණ්ඩ හිතන් ඉන්න role එක up කරන්න තටමන තිර රචකයෙක් විදිහට. තමන්ට වෙන ගැනුන් ලවා "අර සිංහයා" ලෙස ආමන්ත්‍රණය කර ගන්නට ආසා කරන පුංචි මනසක් ඇති director විදිහට. සනත් මුල ඉදන් දගලන්නේ තමන් සුදු චරිතයක් වෙන්ඩ. ඔහු ගෙන් දිස් වෙන්නේ දුක ගන්ඩ හදන වෑයම් සමුදායක්. ඔහු කිසිම විටක වැරද්දක් කරන්නේ නැහැ. ළමයා පිළිබද ඇතිවන දෙගිඩියාවේදී ,එම අවස්ථාව විසින් ඉල්ලා සිටින රංගනය/අධ්‍යක්ෂණය/තිර රචනය වෙනුවට ඔහු කරන්නේ තනුක කරන ලද ජිල්මාට් එකක්. ඔහු තවම සිටින්නේ ඔහුගේ විමුක්තියට මාර්ටින් වික්‍රමසිංහ,ලෙස්ටර් ජේම්ස් පිරිස් , තිස්ස අබේසේකර ඇතුළු "විරාගය" ත්‍රිත්වය පැමිණෙයි කියා.
"නැවතත් මාතෘකාවට එමු. අධ්‍යක්ෂකවරයා කොච්චර දුරට නිර්මාණයෙන් ඉස්මතු වෙන්න ඕනිද කියන එක සාකච්චා කරන්න ඔය දෙකෙන් උදාහරණ අරන් වැඩක් නැහැ. ඒක hollywood, bollywood , කෝකටත් අදාල වෙන දරුණු මාතෘකාවක්. "
අපේ අය්යලා කොච්චර "මං කරනය" වෙලාද කියනවනං දැනටමත් ලංකාව ඇතුලේ මතයක් නිර්මාණය කරලා ඉවරයි ලොකු director කෙනෙක් වෙන්න tele-drama හදන එක නවත්තන්න ඕනි කියලා. අපි tele හදන්නේ නෑ කියල කෑගහලා කියන්නේ යුද්දේ දිනලා වගේ. එත් ඇත්තටම වෙන්න ඕනි ඔකේ අනිත් පැත්ත. කෙල වෙච්ච field එකක් දැක්කහම ඒක අතැරලාදාලා අහක බලන් යනවා වෙනුවට වෙන්න ඕනි එක ගොඩගන්න මොකක්හරි දෙයක් කරන එක. මම මෙහෙම කියන්නේ උදයකාන්ත ඔය ගොඩේ උඩින්ම
ඉන්න අය්යා කෙනෙක් නිසා. tele හදන්නේ නෑ කියලා මෙලෝ රහක් නැති ෆිල්ම් හදන එක කොටස් 500යෙ මෙගා එකක් කරා වගේ තමයි. මහේන්ද්‍ර පෙරේරාත් එමමයි. "මං කරනය" වෙලා.කිසිම tele එකක අපහු රගපාන්නේ නෑ කියන එතුමා ඊලග දවසේ අසූචි ෆිල්ම් වල රගපානව,මොකද එහෙම කිව්වම ඔහු හිතනවා මම මාර පොරක්, මම ෆිල්ම් එකක act කරාම ෆිල්ම් එක හොද නිර්මාණයක් වෙනවා කියල. ඉස්සර ටිකක් හරි හොද නිර්මාණ කරලා තැනකට ආපු උදයකාන්තට අද වෙනකොට ඔහුගෙන් එහා ගිය
ලෝකයක් නැහැ. මමයි හරි. මගේ නිර්මාණ හොදයි. ආදී වශයෙන් ඔහුගේ සියලු දේම මං කරනය වෙලා.
අපි මරා සිනමාවට විරුද්ධ උනේ ඒවා පරණ හින්දා නෙවෙයි. රජ චරිත ඉර හද නැති නළුවෝ act කරපු නිසා නෙවෙයි. ඒවගෙන් කියවුනේ තනි මිනිහෙක්ගේ ඕනෑ එපාකම් නිසා.
රජ කෙනෙක්ගේ එහෙමත් නැත්තන් dictator කෙනෙක්ගේ අවශ්‍යතාවය නිසා. අපි එය දැඩිසේ පිලිකුල් කලේ මමත්වය ඒවගෙන් දෝංකාර දුන් නිසා. අඩුමගානේ
ඒවගෙන් ජනගත උනා මොකක්හරි පණිවිඩයක්.(අඩුම ගානේ උපාසක අම්මලාට) එත් අද සිද්ද වෙන්නේ තිරය පිටුපස සිට තම කාර්ය ඉටු කර සැහෙන්නට බැරි "අධක්ෂකවරු"
(මම මෙහෙම කිව්වේ හිතලමයි.ඔවුන්ට අධ්‍යක්ෂකවරු කියන එක පාපයක් නිසා) තමන් මාර පොරවල් යැයි ජනගත කරන්ඩ හදන උත්සාහයන් නරඹන්න.
-to be continued
SD
1.06AM
5/24/2015
No comments:
Post a Comment