Monday, August 29, 2016

ඇයි අපිට TV Series නැත්තේ? ටෙලි නාට්‍ය please ඔයා retire වෙන්ඩ.




ලංකාවේ ටෙලි නාට්‍ය බලන්නේ Baby boomers ල විතරයි. Baby boomers කියල කිව්වේ 1970-80 වගේ කාල වලදී සහ ඊට කලින් ඉපදෙච්ච කට්ටිය. (මේක සීයට සීයක් ඇත්ත කතාවක් නෙවෙයි.එත් point එක පෙන්නන්න ඕනි නිසා එහෙම කියමු. Philosophical අය්යලා වැඩිය හිතන්න එපා.රණ්ඩු වෙන්න දේවල් නෙවෙයි මේවා.) මීට අමතරව ඉතින් internet එකට වැඩිය සම්බන්ධතා නැති පිරිසක් බලනවා. එහෙම කියන්නත් බෑ. කොහොමහරි y generation එක සහ z generation එකනං බලන්නෙම නැති තරං. Y කියන්නේ කව්ද කියල බොහොම සරලව කියනවනං technically savvy නැත්තන් තාක්ෂනය එක්ක හිතවත්, අසු ගණන් අවසානයේ සහ අනූ ගණන් වල ඉපදුනු අලුත් කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. Z කියන්නේ අපිටත් පස්සේ එමින් ඉන්න, අම්මගේ බඩවැල තමන්ම කපන් එන්ඩ පුළුවන් තරමේ ඊලග generation එක. 

ලංකාවේ ටෙලි නාට්‍ය බලන එවුන් මේ ජෙනරේෂන් වල ඉන්නවා තමයි. එත් සමස්තයක් විදිහට ගත්තම ඒක බොහොම සුළු ප්‍රමාණයක්. ලංකාවේ ටෙලි නාට්‍යක නම් දෙක තුනක් කියල මේ මොනවද කියල ඇහුවට උන් කියන්න දන්නේ නෑ. කොටින්ම කිව්වොත් මම දන්නෙත් නෑ කිහිපයක් ඇරෙන්න. එත් හොලිවුඩ් Tv series ගැන ඇහුවොත් යන චැනල් එකේ ඉදල cast එකේ උන්ගේ පෞද්ගලික විස්තර පවා කියන්න බොහොමයක් මිනිස්සු දන්නවා.

මොකද්ද මේකට හේතුව? ඇයි ලංකාවේ නාට්‍ය වලට බැරි එච්චරටම මිනිස්සුන්ව attract කරගන්න. ටෙලි නාට්‍ය කියන නමේ ඉදලම අපිට කෙලවිලා. ලංකාවට ටෙලිවිෂනය ආපු කාලෙම ධම්ම ජාගොඩ මහත්තයා දාපු නමක් තමයි ටෙලි නාට්ටි කියන්නේ. එතුමාට මුකුත් කියනවා එහෙම නෙවෙයි. වේදිකා නාට්‍ය සහ එක එක ජාතිය ජහුටා නාට්‍ය බලන්ඩ පුරුදු වෙලා හිටපු ලංකාවේ මිනිස්සුන්ට ඒ නම හොදට ඒ කාලේ වැඩ කළා. එත් තව දුරටත් එක එහෙම නෙවෙයි කියල දවසින් දවස ඔප්පු වෙනවා. අපි වෙනස් වෙනවනං නමේ ඉදල වෙනස් වෙන්ඩ ඕනි.  චැනල් පවා දැන් ලෑස්ති වෙලා ඉන්නේ මිනිස්සු බත් කන වෙලාවට නැත්තන් ප්‍රවෘත්ති බලලා ඉවර වෙන වෙලාවට පොඩි නාට්ටි කෑල්ලක් පෙන්නලා සල්ලි ටිකක් හොයාගන්ඩ. Marketing විෂන් එකකින් එහාට එකක් උන්ගේ ඔළුවල නෑ. එකයි හැමදාම ගෙදරක් ඇතුලේ ප්‍රශ්නයක්, ඔෆිස් එකේ ප්‍රශ්නයක්, කෙල්ලයි කොල්ලයි එකක ප්‍රශ්නයක් වගේ අච්චාරුවක්ම තියෙන නාට්‍ය telecast කරන්නේ. මොකද ඒවා බොහොම අඩුවට market එකේ මිලදී ගන්ඩ පුළුවන්.

ලංකාවේ ටෙලි නාට්‍යක් හදලා telecast කරන ක්‍රියාදාමය පට්ට අවුල්. Director කෙනෙක්ට ඕනි නං teledrama එකක් හදන්න, එයාට සිද්ද වෙනවා producer කෙනෙක් හොයාගෙන episode අඩුම ගානේ 15k විතර කට්ට කාලා හදල චැනල් පස්සේ ගිහින් විකුනන්න ඔට්ටු වෙන්න. ඒත් Hollywood series එකක් ඊට වඩා වෙනස්. ඕනි කමක් තියෙන පොරකට පුළුවන් තමන්ගේ concept එක television network එකට submit කරන්න, directly නැත්තන් agent කෙනෙක් ලව්වා. (මේක ලේසි ක්‍රමයක් කියල මම කියන්නේ නෑ.) television network එක concept එකට නැත්තන් submit කරපු script එකට කැමති නං television network එකම ඉදිරිපත් වෙනවා නිර්මාණයට මුදල් යොදවන්න. එතකොට නළුවන්ට, නිළියන්ට, crew එකට කෙලින්ම payments හම්බෙන්නේ channel එකෙන්.  ලංකාවේ චැනල් දන්නේ හදපු ඒවා තුට්ටු දෙකට සල්ලි දීලා ගන්ඩ. මේ හින්දම producer ල බයයි risk එකක් ගන්ඩ. ඒ හින්ද උන් ආයෝජනය කරන්නේ සොච්චමයි. ඉතින් දෙකයි පනහේ නාට්‍ය හැදෙන එක අහන්ඩත් දෙයක්ද.  

තවත් එකක්. අවුරුදු ගානකට කලින් වෙන රටක telecast උන tv series උණු කැවුම් වගේ බෙදල දෙන්ඩ ලංකාවේ චැනල් දන්නවා. හොදට බලන්ඩ, ඕනිම චැනල් එකක වැඩිම බිල්බෝඩ් ගහල තියෙන්නේ ඒ චැනල් එකේ පෙන්නන පිටරට නාට්යේ විස්තර දාලා. ඒ වෙන මොකවත් හින්ද නෙවෙයි, second hand බඩු තුට්ටු දෙකට ගන්ඩ පුළුවන් හින්ද. ඒවගේ episode දෙක තුනක්, නැත්තන් පහක් හයක් ම ගන්ඩ පුළුවන් ලංකාවේ නාට්‍යක් ගන්න ගානටම. ලංකාවෙන් නිෂ්පාදනය වෙන නාට්‍යකට ගෙවන්නේ බොහොම සොච්චමයි, එතකොට හිතල බලන්ඩ චැනල් කාරයෝ පිටරට episode ගෙන්නන්නේ කොච්චර අඩු මුදලකට කියලද. හැබැයි වෙළඳ දැන්වීම් වලින් හොයන්නේ එකම ගාන. අතේ ලාබයි.මේවා හොද  Marketing Strategies තමයි, එත් සංදේශ කාව්‍ය ලියවුනු මේ රටේ, මිනිස්සුන්ගේ ඔලුවලට චැනල් වලින් කරන හානිය කොච්චරද කියල සල්ලි වලින් මයින්න බෑ.

ලංකාවේ හොද කලාකාරයෝ හෝ සිනමකාරයෝ නෑ කියලා කාටවත් argue කරන්න බෑ තව දුරටත්. ඕනි තරං වැඩ කාරයෝ ඉන්නවා. ඕනි තරං International awards හම්බෙනවා ලංකාවේ සිනමාවට. එත් ඒගොල්ලෝ ලංකාවේ Tele-drama ෆීල්ඩ් එකට අතගහන්නේ නැති තරං. හොදට බැලුවොත් ලංකාවේ teledrama ෆීල්ඩ් එකේ ඉන්නේ  internationally acclaimed directors ලා කියෙන් කි දෙනාද? ඉන්න කට්ටිය හොදටම අසරණයි, ඒ ගොල්ලෝ market එකේ අතරමං වෙලා. හොදට හොයල බැලුවොත් හොලිවූඩ් series වල level එකටම හදපු teledrama ඕනි තරං තියෙනවා. බොහෝ වෙලාවට ඒවගේ වියදම අධික හින්ද චැනල් ගන්නේ නෑ, එහෙම නැත්තන් වාරණය වෙලා. (චිත්‍රපට වාරණය ගැන හැමෝම කතා වෙනවා, ටෙලිනාට්‍ය වාරණය ගැන කතා කරන්ඩ මේක හොද කාලයක්.) කොහොමහරි අලුත් පොරවල් නං teledrama ෆීල්ඩ් එක දිහා හැරිලාවත් බලන්නේ නැති තරං. Teledrama කොච්චර පාත් වෙලාද කියනවනං කටක් ඇරලා මොන මිනිහටවත් කියන්ඩ බෑ මම teledrama director කෙනෙක් කියලා. ඉහල සමාජය ඇතුලේ ඒක එච්චරටම පාත් වෙච්ච දෙයක් වෙලා. ලොකු ලොකු සිනමා අධ්‍යක්ෂකවරු පවා කියන්නේ මම tele drama වලින් retire උනා කියල. Printer shop එක හොද නෑ කියල නවකතා ලියන්නේ නැතුව ඉන්නවා වගේ වැඩක් ඒක. ගොන්ම ගොන් කතාවක්. රිදෙන කට්ටියට රිදෙයි.

ලංකාවේ ටෙලි නාට්‍ය බලන්නේ නැති උනාට ඒ මිනිස්සු TV එක බලනවා. කොටින්ම කිව්වොත් ජන මාධ්‍ය අමාත්‍යංශයයේ තිබුන එක්තරා පුවත් පත් සාකච්චාවකදී කියවුනා එක රැකට මිනිස්සු ලක්ෂ අසූවක් ටෙලිවිෂනය බලනවා කියලා.  එතකොට කෝ ඉතුරු ලක්ෂ 120කට ආසන්න පිරිස. TV බලනවට වඩා මිනිස්සු Tube බලනවා.එහෙමත් නැත්තන් torrents පිහිටෙන් download කරනවා හෝ online stream කරනවා. එහෙම බැලුවොත් ටෙලිවිෂන් චැනල් හොදටම fail.

ඔයගොල්ලෝ ඉක්මනටම පටන් ගන්න වෙයි ටෙලිනාට්‍ය වෙනුවට Lankan tv series පෙන්නන එක. දැනටමත් ඔයාල පැය බාගේ episode එකක් කියල පෙන්නන්නේ මිනිත්තු 15ක් 16ක්. ඉක්මනටම airtime වැඩි කරලා, විනාඩි 40හෙ, පැයේ episode පෙන්නුවේ නැත්තන් ඔයාලට ලගදීම කෙලවෙයි. අනාත වෙන්න දෙන්න එපා අලුත් filmmakers ල ටික.  අපි හීන දකිනවා අපේම කියල tv series බලන්ඩ පුළුවන් වෙන කාලයක් ගැන....

It is the hardest to wake up a guy who’s pretending to be asleep.. චැනල් වල වැඩ කරන කට්ටිය මේක නොදන්නවා නෙවෙයි. දන්නේ නෑ වගේ නිදාගෙන ඉන්නවා. දැන් එහෙම හිටියා ඇති.

SD


Sunday, August 28, 2016

දස්සා බැන්දා, රට වටේ වෙඩින්. ඕගොල්ලොත් යන්න - මෝටබයිසිකලේ




(නම ඉස්සුවේ ඉල්හම් හුසේන්ගේ පොස්ටුවකින්...)

Art is found in the hearts of the faithful කියල කියමනක් තියෙනවා. ඒක සහතික ඇත්ත. මට ඒක හරියටම තේරුණේ ශමීර රංගන නාඔටුන්නගේ චිත්‍රපටය බලපු වෙලාවේ. බොහොම අවංක උත්සහයක්, තේරුම් ගන්න බැරි කසි කබල් ෆිලොසොෆි වෙනුවට ශමීර පෙන්නන්නේ අහිංසක හීන තියෙන කොල්ලෙක්ගේ සාමාන්‍ය දවසක්. චිත්‍රපටයේ protagonist ගේ නමත් රංගන. සමහරවිට චිත්‍රපටියෙ කතාව ශමීරගේම experience එකක් වෙන්න ඇති. ඒක එයා බය නැතුව කියනවා. සමහරවිට එයාගේ experience එකක් නොවෙන්න පුළුවන්. එත් ශමීර චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔහුගේම නම යොදල, රංගන  මුහුණ දෙන ගැටලුව තමන්ගේම කරගන්නවා. මේක හරිම හැගීම දනවන සිද්ධියක්. ශමීර තමන්ගේම experience එක හා මිශ්‍රිත fantasy එකක් සහ ගොතන ලද අවසානයක් අපිට චිත්‍රපටයක් විදිහට ඉදිරිපත් කරනවා. එකයි මම කිව්වේ මෝටබයිසිකල් බැලුවට පස්සේ arts තියෙන්නේ faithful මිනිස්සුන්ගේ හදවත් වල කියන එක මට වැඩියෙන් දැනුණා කියලා. චිත්‍රපයට සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව ඒක වෙන්නැති. ශමීරගෙයි රන්ගනේගෙයි තියෙන ආත්මීය බැදීම.

චිත්‍රපටය පටන් ගත්තු වෙලාවේ ඉදල බොහොම සීරුවට ගලපලා තියෙනවා. Title belt එකේ යන සින්දුවේ අවසානේ කෙලින්ම කට් වෙන්නේ bar එකක් ඇතුලේ සින්දුවේ අවසාන lyrics ගායනා කරන රංගනට. සම්ප්‍රදායික චිත්‍රපටි වල වගේ මොටබයිසිකලේ රංගන අසාමාන්‍ය හැකියාවක් තියෙන අති දක්ෂ සංගීත කාරයෙක් නෙවෙයි. බොහොම realistic මියුසිශියන් කෙනෙක්. හිටිගමන් Codes අමතක වෙන, මුදුනටම යන්න හීන දකින කොල්ලෙක්. රංගනගේ ඔපෙරා හෝල් එක තුට්ටේ දෙකේ බාර් එක. ජිවිත අවුල් කරගත්ත, දාලා යන්න ඔන්න මෙන්න ඉන්න ගැනු  බැදපු මිනිස්සු ෆිලොසෝෆි කතා කරදදී උන්ට පසු බිම් සංගීතයෙන් ගැම්ම දෙන්න ඉන්නේ රන්ගනලා. (මම මේ කියපු එක වදින්න ඕනි කට්ටියට වදියි. ශමීර රන්ගනල නැත්තන් පහු ගිය කාලේ ලංකාවට international awards තිබුනේ කියෙන් කියද, ඌ නැත්තන් තවම ලංකාවේ මිනිස්සු official selection කියල laurels හැටක් විතර ගහගෙන ලොකුවට කය්ය ගහන අය්යලාගේ show බලනවා.)

Commercial hub එකක්, posh නගරයක් කියල පෙන්නනවා වෙනුවට ශමීර කරන්නේ කොළබ නගරේ කටුකකම පෙන්නන එක. කොළඹට එච්චර harsh ගතියක් දෙන්න මම නං හිතන්නේ නැ වෙන එක ෆිල්ම් එකකින්වත් පුළුවන් උනා කියලා. නිර්ධන පාන්තිකයින් කියල හැමදාම දකින ලයිම වෙනුවට ශමීර grasp කරනවා ලැයිම් උපසංස්කෘතිය ඇතුලෙම තියෙන විවිධ ස්තර. ඒ විතරක් නෙවෙයි, ගංජා කාරයෝ කියන්නේ කුඩු කාරයන්ට නෙවෙයි, ගංජා කාරයෝ කියන්නේ මැරයන්ට නෙවෙයි කියලා ශමීර බොහොම හෙමින් සීරුවට පෙන්නනවා. චිත්‍රපටය ඇතුලේ ජෝඉන්ට් ගහන්නේ සින්දුවක් කියල, බෑන්ඩ් එකක් ගහගෙන පාඩුවේ ඉන්න සෙට් එකක්. ඒ අස්සේ කුඩුකාරයෝ රෙද්ද උස්සන් යන තරමටම පාත මිනිස්සු. (ගොඩක් මිනිස්සු මේක දන්නේ නෑ. ගන්ජයි, කුඩුයි, පාතාලෙයි උන්ට එකයි) ශමීර තමයි මේක කෙලින්ම බය නැතුව address කරපු එකම කෙනා. (තව අය ඉන්නවා ඇති, එත් එහෙම කරලා screen කරගන්න වාසනාව තිබුනේ ශමීරට විතරයි, මයේ හිතේ.)

දසුන් ගැනයි, සමනලී ගැනයි කියන්නම ඕනි. Perfect Casting, කොට මොඩල් දෙක හොදටම ගැලපෙනවා. උන් දෙන්න ඇවිදින්නේ, බදාගන්නෙ, කතා කරන්නේ, තුරුල් වෙලා ඉන්නේ, තරහ වෙන්නේ ඇත්තම කපල්එකක් විදිහට. චිත්‍රපටය මැද්දේ තියෙන උන් දෙන්නගේ පොඩි dance එක, best choreography වගේ awards දෙන්න ඕනි මේවට. මුන් දෙන්න දැනෙන්න නටනවා. මාර simple චලන ටිකකින් එච්චරටම මිනිහෙක් අල්ල ගත්තේ කොහොමද මන්දා. මුළු audience එකම මීක් නැතුව බලාගෙන හිටියා. ෆිල්ම් එක අපහු බලන්න යන කෙනෙක් සින්දුව යද්දී වටේ මිනිස්සුන්ගේ මූණු දිහා බලන්න. කට ඇරලා හිනා වෙන්නේ නැති උනාට උන්ගේ මූණු වලින් පේනවා උන් සින්දුව enjoy කරනවා කියලා. ඇත්තමයි Bollywood පොරවල් ඉගෙන ගන්ඩ ඕනි මේ වගේ shoot කරන්ඩ.

චිත්‍රපටයේ තියෙනවා wedding එකක photoshoot එකක්. මුන් දෙන්න එක දැකල බයිසිකලේ නවත්තල බලන් ඉන්නවා. ඒ වෙලාවේදී photographer ඇවිත් බයිසිකලේ ඉල්ලනවා photo shoot එකට. මේවා පට්ට cinematic අවස්ථා. කොටින්ම කියනවනං director ගෙම වැඩ කෑලි.  එකෙන් බයිසිකලේ highlight වෙනවා විතරක් නෙවෙයි, ශමීර ඉඩ හදාගන්නවා දසුන්ටයි සමනලිටයි ෆොටෝශූට් එක දිහා බලාගෙන කතා කරන්න ඉඩ දෙන්න. කලිනුත් කිව්වා වගේ සමහරවිට මෙව්වා ශමීර ඇත්තටම අත් විදපු dialogues වෙන්නැති. Dialogues පටන්ගන්නේ “මමත් කවද හරි kandyan තමයි අදින්නේ කියල සමනලී කියන එකෙන්.   ඇත්තටම photoshoot එකට ඉන්න මනමාලය ගොඩාක් වයසින් වැඩියි මනමාලිට වඩා. ඒක observe කරන රංගන කියනවා “කෙල්ල ගොඩක් පොඩියි. Proposal එකක් වෙන්නැති. පවු, කලින් affair එකක් තියෙන්න ඇති. කෙල්ලගේ ගෙදරින් එකට කැමති නැති වෙන්න ඇති. අම්මලා මනමාලයෙක් හොයල බන්දල දීලා”.  මීට වඩා ලස්සනට පද ගලපලා තිබුනා. රංගන ඒක girlfriend දිහා බලාගෙන කියන්නේ බොහොම සංවේදී විදිහට, ඒක මුළු audience එකටම දැනෙනවා. සමහරවිට රංගන ඒ වෙලාවෙත් දැනගෙන ඉන්න ඇති කවදාහරි එයාටත්වෙන්නේ ඒ සේතෙමයි කියල. ශමීර මෙතැනදී ගොඩක් දක්ෂයි.ඉහල රූප භාවිතාවක් උගේ ඇගෙ තියෙනවා. ශමීර මුල ඉදලම පෙන්නන්නේ රංගන තමන්ගේ කෙල්ල වෙනුවෙන් මහන්සි වෙන මහන්සි විල්ල. ඒ අතරෙදිම ශමීර පෙන්නනවා photoshoot එකේ ඉන්න වයසක මනමාලයාගේ කොන්දක් නැතිගතිය. කොටින්ම කිව්වොත් උගේ පිරිමි ලක්ෂණ අඩු ගතිය පෙන්නනවා. මනමාලිට honeymoon එකට ගිහින් කරන්න දෙයක් නැති වෙයි කියල ශමීර නොකිය කියනවා. මේ වෙලාවේදීම දසුන් අහනවා සමනලීගෙන් අපි රූම් යමුද කියලා. කලින්කිව්වා වගේ මාර cinematic වෙලාවක් මේක.

රූම් එකට යන විදිහ, ඇතුලේ උන් දෙන්න හැසිරෙන විදිහ සමනලීටයි දසුන්ටයි ඇරෙන්න වෙන කාටවත්ම කරන්න බැරිවෙයි.... උන් දෙන්න එච්චරටම තාත්විකයි. සමනලි අතිශය සියුම් movements පවා කිසිම effort එකක් නැතුව perform කරනවා. කොටින්ම කිව්වොත් උන් දෙන්නට තියෙන චකිතය එහෙන් පිටින්ම audience එකේ ඉන්න අපිට දැනෙනවා. එකට තවත් ලොකු හේතුවක් තමයි ඒ scene එක shot composition එක. දිග duration එකක් තියෙන shots විතරයි මෙතනදී භාවිතා වෙන්නේ.  සමනලී පැකිලෙන විදිහ දකින දසුන්ගේ reaction එක අපි මෙතනින් යමු කියන එක. එක තරහකට නෙවෙයි පපුව පැලෙන්න තරං ආදරේකින් කියන්නේ කියල බලන මිනිහට තේරෙනවා. කපල් එක අතර ප්‍රශ්නය ගොඩ නැගෙන විදිහේ ඉදල අවසානයේ වෙන්වී යාම දක්වා තියෙන sequence එක තමයි මට නං චිත්‍රපටයේ emotional ම කොටස.  ඒක ගැන ලියලා spoil කරන්න මොකද්ද වගේ. එක බලලම විදින්න ඕනි අත් දැකීමක්.

විශේෂයෙන් කතා කරන්න ඕනි චිත්‍රපටයේ music ගැන. දුක, සතුට, romance එක, මේ හැම තැනදීම අපිට ඇහෙන්න ටිකක් harsh music එකක්. ඒ දැනෙන harsh ගතිය තලු මර මර බුදින්ඩ පුළුවන්. එච්චරටම රහයි. චිත්‍රපටියේ cinematography, art direction මේ කිසිම පැත්තකින් කියන්න තරම් පොඩි හෝ වැරද්දක් වෙලා නෑ. ශමීර ඒ අතින් හොදටම ලකී.

ශමිරගේ චිත්‍රපටිය දුවනවා කිව්වහම field එකේ අලුත් කොල්ලෝ සේරම සතුටු උනා. එක හොදටම තේරුණා උන් ශමීරට දුන්නු support එකෙන්. රැ තිස්සේ field එකේ අලුත් කොල්ලෝ marketing campaign කරා මෝටබයිසිකල් cover photo එකක් හැමෝටම දාන්න කියල. තමන්ගේ චිත්‍රපටි පෝලිමේ තියෙද්දී අනුන්ගේ චිත්‍රපටියක් දුවනවා කියල සතුටු උනු එකම රට මේක වෙන්න ඇති. ඒවා පපුව උණුවෙන තරමට ආදරේ හිතෙන වැඩ.

මොටබයිසිකලේ film hall 40ක දුවනවා. ඉක්මනට ගිහින් බලන්න...

ස්තුතියි.

SD

Saturday, May 23, 2015

"මංකරන" සිනමාව

අපි ඕනෑම කලා කෘතියක් රස විදින්නේ අපිට තියෙන මතකයන් එක්ක. මතකයන් කියල මම අදහස් කලේ අපි බලපු,කියෝපු,ඉගෙනගත්තු දේවල් ගැන විතරක් නෙවෙයි, අපේ feelings  සහ අත්දැකීම් ගැනත් හිතල. අපි බල බල ඉන්න scene එකේ තමන්ට වෙච්ච දෙයක් එහෙම් පිටින්ම පෙන්නනවනන්, නැත්තන් මට මෙහෙම වෙන්ඩ කියලා දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල ඉන්න දෙයක් වෙනවනන් අපිට ඒක සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් බොක්කටම වදිනවා. ඒක කොයි මිනිහටත් පොදු දෙයක්. ඒකයි දෙමළ ෆිල්ම් එකක hero ඇවිත් තිස්පස් දෙනෙකුට ලොකු සෙනගක් ඉස්සරහා ගහනකොට mediocre  (කියලා ලොකු පොරවල් හදුන්වන) audience එක විසිල් ගහන්නේ.  අතිශය ශක්තිමත්, handsome ලූක් එකක් තියෙන කොල්ලෝ ඉන්න vampire movies බලන කෙල්ලෝ බෙල්ල කාලා ලේ බොන අහිංසක ප්‍රේමවන්තයෙක්ව හැමදාම රෑට ප්‍රර්ථනා කරන්නේ අර මම කලින් කියපු හේතුව හින්දා. මේ දෙකේ දශමෙක වත් වැරද්දක් නැහැ.අඩුම ගානේ ඒ වගේ crowd එකක් තමන්ට අවංකයි, හොද ෆිල්ම් මොනවද කියල අහපුවම imdb නැත්තන් rottentomato එකේ ratings පෙරලා කියන අය්යලාට වඩා.


මම හිමීට එන්න හදන්නේ මාතෘකාවට.  "මංකරන සිනමාව"  වගේ අහපු ගමන් බාගෙට දාර්ශනික ගතියක් තියෙන ,එත් එහෙම නැති, එත් පොරවල් කියල  කියාගන්න අය්යලාගේ ඔලුව අවුල් වෙන විදිහේ නමක් දාලා පටන් ගත්ත අද බ්ලොග් එකේ මාතෘකාව මම කෙටියෙන් පැහැදිලි කරන්නන්.

මේ කාලේ ලංකාවේ ෆිල්ම් බැලුවම මම කියන්න හදන දේ සමහරවිට දැනටමත් තේරුම් අරගෙන ඇති. විශේෂයෙන් සිනහව අතරින්, නැත්තන් ගින්දරී වගේ නිර්මාණ බලපුවම මේ දේ හොදටම තේරෙනවා. චිත්‍රපටයකින් ඇත්තටම වෙන්න ඕනි මොකද්ද? සල්ලි හොයන එකද, අධ්‍යක්ෂකවරයා හරි නළුවා හෝ නිළිය ලොකු වෙන එකද?  එහෙමත් නැත්තන් එකෙන් මොකක්හරි මතයක් ජනගත කරන එකද?  ගින්දරි සහ සිනහව අතරින් එක්ක මම කැමතියි ඔය දේ ගැන ටිකක් කතා කරන්න. චිත්‍රපටයකින් අධ්‍යක්ෂකවරයාගේ මතය නිරූපණය වුනත් මම විස්වාස කරනවා චිත්‍රපටයකින් සිදුවිය යුත්තේ තනි පුද්ගල මතයකට එහා ගිය,universal දෙයක් නිරූපණය වීම බව. මං කියන්න හදන්නේ ෆිල්ම් එකක් ඇතුලේdirector ඉන්නම ඕනි නෑ කියන එක නෙවෙයි.කොතරම් දුරට ඉන්ඩ ඕනිද කියන එක.





හැබැයි, ඔය නිර්මාණ දෙකෙන්ම කරන්නේ director ල දෙන්නා මම පොර කියලා පෙන්නන්ඩ හදන එක..  මට ඕක උදාහරණ සහිතව විස්තර කරන්න පුළුවන්. බහුභූතිට talk කරන්න එන lucky dias ඇයට රමණයට ආරාධනා කරනවා මෙන්න මේ විදිහට. " මට නං හිතෙන්නේ ඔයා ගැලපෙන්නේ ඔය රස්සාවට වඩා රගපාන්න. මම ලංකාවේ හොදම director ලා අදුරනවා, උදයකාන්ත,   ප්‍රසන්න  එතකොට වසන්ත...."ආදී වශයෙන්."  මට ප්‍රශ්නය තියෙන්නේ අනිත් කට්ටිය ගැන නෙවෙයි උදයකාන්ත ගැන. එකක් නෙවෙයි, දෙකක්ම තියෙනවා. පලවෙනි එක, උදයකාන්ත කොහොමද ලන්කාවේ හොදම director කෙනෙක් වෙන්නේ. එහෙම උනා කියලා ලැජ්ජාවක් තියෙන මිනිහෙක්  කොහොමද ඒක කෑගහල ලෝකෙට කියන්නේ.  එතුමා තමන් ඉන්න league එක 
තේරුම් ගන්ඩ ඕනි. 

අනිත් එක, චිත්‍රපටයේ තිර රචකයාම වන උදයකාන්ත හිතනවනන් එතුමා ගැහැනියෙක්ට ලිංගික ආශා දනවන පුද්ගලයෙක් කියල, මට කියන්න තියෙන්නේ අනේ මන්දා කියල තමයි.  මට සමාවෙන්න මම මේ හදන්නේ එතුමාගේ මෞත්‍ර ලිංගික පද්දතිය ගැන කතා කරන්න නෙවෙයි. මම suggestion කිහිපයක් මතු කරනවා විතරයි. ඔය දේ ගොඩාක් තාත්වික  වෙන්ඩ තිබ්බා වෙන කාගේ හරි නම් ටිකක් ලිව්වනන්.උදාහරණයක් විදිහ  විජය කුමාරතුංග හිටියනං ඔතෙන්ට ලියන්ඩ සුදුසුම පුද්ගලයා ඔහු. මේ දේ අසූගණන් වල මිනිස්සු හොදට දන්නවා.මෙලෝ රහක් නැති මිනිස්සු වැහි වහපුකාලෙක විජයට ග්‍රීක දෙය්යෙක්ට වගේ ඇගක් තිබුන විජයට ගැනු පිස්සු වැටුනා.  උදයකාන්ත ඔහුව සමාන කරගන්නවා ඒ වගේ තැනකට.

ගින්දරි ගත්තහම එකෙන් මතුකරන මතයක් නෑ. ෆිල්ම් එකේ trailer එකේ ඉදන් ගත්තහම, ෆිල්ම් එක මැද්දෙයි, ෆිල්ම් එකේ එන්ඩ් titles වලයි ඉන්නේ උදයකාන්ත.යැකින්න පාරේ යද්දී උදයකාන්ත උදාරිට රෝස මලක් දෙනවා. උදාරි ඒක රොෂාන් රණවනට දෙනවා. ඒක ඉබින රොෂාන්ට කිබිහුමක් වගේ එකක් යනවා.
(අනේ මන්ද මොකද්ද එකක් වෙනවා, මට තවම තේරුනේ නැති.) යකින්න දකින උදයකාන්තට chain එක මාරු වෙලා බලන් ඉන්නවා. උදයකාන්තගේ ඔලුවට ගිණි ඇවිලෙනවා.assistant ල ඇවිත් ගින්න නිවනවා. සමහරවිට එතුමා ඒ වගේ ඉතා අපහසු රූප රාමු වගේකට ගිහින් කියන්න හදන දේ තේරුම් ගන්ඩ මට උපකරණ මදිව ඇති.

සිනහව අතරින් තත්වය මීට හාත්පසින්ම වෙනස්. උසස් සිනමකෘතියකට වඩා එය crowd එක අන්දන නිර්මාණයක් එහෙමත් නැත්තන් crowd pleaser එකක්.(සමනල සන්ධ්වනිය වගේ) චිත්‍රපටය එපා වෙන්න පටන් ගන්නේ පටන් ගත්ත ගමන්ම අනවශ්‍යය තැනකට mix එකක් භාවිතා කරන සංස්කරණයක් නිසා. නමුත් එක මගේ මාතෘකාව නෙවෙයි. චිත්‍රපටය ඇතුලෙම ඉන්නේ සනත්. එකේ විමල් කෙනෙක් නෑ. මම සනත් කියල  කියන්නේ රංගන ශිල්පියා  විදිහට නෙවෙයි, අධ්‍යක්ෂකවරයා හා තිර රචකයා විදිහට. අනවශ්‍ය විදිහට තමන් රගපාණ්ඩ හිතන් ඉන්න role එක up කරන්න තටමන තිර රචකයෙක් විදිහට. තමන්ට  වෙන ගැනුන් ලවා "අර සිංහයා" ලෙස ආමන්ත්‍රණය කර ගන්නට ආසා කරන පුංචි මනසක් ඇති director විදිහට. සනත් මුල ඉදන් දගලන්නේ තමන් සුදු චරිතයක් වෙන්ඩ. ඔහු ගෙන් දිස් වෙන්නේ දුක ගන්ඩ හදන වෑයම් සමුදායක්.  ඔහු කිසිම විටක වැරද්දක් කරන්නේ නැහැ. ළමයා පිළිබද ඇතිවන දෙගිඩියාවේදී ,එම අවස්ථාව විසින් ඉල්ලා සිටින රංගනය/අධ්‍යක්ෂණය/තිර රචනය වෙනුවට ඔහු කරන්නේ තනුක කරන ලද ජිල්මාට් එකක්.    ඔහු තවම සිටින්නේ ඔහුගේ විමුක්තියට මාර්ටින් වික්‍රමසිංහ,ලෙස්ටර් ජේම්ස් පිරිස් , තිස්ස අබේසේකර ඇතුළු "විරාගය" ත්‍රිත්වය පැමිණෙයි කියා.

"නැවතත් මාතෘකාවට එමු. අධ්‍යක්ෂකවරයා කොච්චර දුරට නිර්මාණයෙන් ඉස්මතු වෙන්න ඕනිද කියන එක සාකච්චා කරන්න ඔය දෙකෙන් උදාහරණ අරන් වැඩක් නැහැ. ඒක hollywood, bollywood , කෝකටත් අදාල වෙන දරුණු මාතෘකාවක්. "

අපේ අය්යලා කොච්චර "මං කරනය" වෙලාද  කියනවනං දැනටමත් ලංකාව ඇතුලේ මතයක් නිර්මාණය කරලා ඉවරයි ලොකු director කෙනෙක් වෙන්න tele-drama හදන එක නවත්තන්න ඕනි කියලා. අපි tele හදන්නේ නෑ කියල කෑගහලා කියන්නේ යුද්දේ දිනලා වගේ. එත් ඇත්තටම වෙන්න ඕනි ඔකේ අනිත් පැත්ත. කෙල වෙච්ච field එකක් දැක්කහම ඒක අතැරලාදාලා අහක බලන් යනවා වෙනුවට වෙන්න ඕනි එක ගොඩගන්න මොකක්හරි දෙයක් කරන එක. මම මෙහෙම කියන්නේ උදයකාන්ත ඔය ගොඩේ උඩින්ම
 ඉන්න අය්යා කෙනෙක් නිසා.  tele හදන්නේ නෑ කියලා මෙලෝ රහක් නැති ෆිල්ම් හදන එක කොටස් 500යෙ මෙගා එකක් කරා වගේ තමයි. මහේන්ද්‍ර පෙරේරාත් එමමයි. "මං කරනය" වෙලා.කිසිම tele එකක අපහු රගපාන්නේ නෑ කියන එතුමා ඊලග දවසේ අසූචි ෆිල්ම් වල රගපානව,මොකද එහෙම කිව්වම ඔහු හිතනවා මම මාර පොරක්,  මම ෆිල්ම් එකක act කරාම ෆිල්ම් එක හොද නිර්මාණයක් වෙනවා කියල. ඉස්සර ටිකක් හරි හොද නිර්මාණ කරලා තැනකට ආපු උදයකාන්තට අද වෙනකොට ඔහුගෙන් එහා ගිය
 ලෝකයක් නැහැ.  මමයි හරි. මගේ නිර්මාණ හොදයි. ආදී වශයෙන් ඔහුගේ  සියලු දේම මං කරනය වෙලා.

අපි මරා සිනමාවට විරුද්ධ උනේ ඒවා පරණ හින්දා නෙවෙයි. රජ චරිත ඉර හද නැති නළුවෝ act කරපු නිසා නෙවෙයි. ඒවගෙන් කියවුනේ තනි මිනිහෙක්ගේ ඕනෑ එපාකම් නිසා.
රජ කෙනෙක්ගේ එහෙමත් නැත්තන් dictator කෙනෙක්ගේ අවශ්‍යතාවය නිසා. අපි එය දැඩිසේ පිලිකුල් කලේ මමත්වය ඒවගෙන් දෝංකාර දුන් නිසා.  අඩුමගානේ
ඒවගෙන් ජනගත උනා මොකක්හරි පණිවිඩයක්.(අඩුම ගානේ උපාසක අම්මලාට) එත් අද සිද්ද වෙන්නේ තිරය පිටුපස සිට තම කාර්ය ඉටු කර සැහෙන්නට බැරි "අධක්ෂකවරු"
(මම මෙහෙම කිව්වේ හිතලමයි.ඔවුන්ට අධ්‍යක්ෂකවරු කියන එක පාපයක් නිසා) තමන් මාර පොරවල් යැයි ජනගත කරන්ඩ හදන උත්සාහයන් නරඹන්න.


-to be continued
SD
1.06AM
5/24/2015

Sunday, January 25, 2015

Maha raja Gamunu, an Overrated Masterpiece ?






To escape my feeling of being guilty conscious in front of the actors of the movie, for having to lie them about their artistic promise they showed, without even watching it,   i found myself at the font row of the balcony along with the two of my best mates.

The shaking carts in the movie and the "houseful" signs displayed at the theater, echoed the helpless state of the Srilankan filmmakers for still having to stick to periodical drama to attract a major crowd instead of exploring and experimenting on fields which are still young for the inexperienced srilankan audience.

Jayantha Chandrasiri being a veteran artist of the country, displays his promise from the start both in directing and in screenplay. The thorough background research and the masterfully executed dialogues not only adds a sense of reality to the movie but also sinks the audience in a deep meditation.

Since "Dandubasnamanaya" was jayantha's major start, he seems to be having difficulty giving up his fake(or true) love for "Angampora" (In a way "Angampora" and "shanthikarma" made jayantha's carrer.) But the Maha Raja Gamunu "Angampora" stunt at the jaya sri maha bodhi,  hurts the originality of the movie since its shot in the exact manner kurasowa did in his 1962 movie "Sanjuro".

As the story unfolds, maha raja gamunu begs the true film goers to take another look at the "MaRa Cinema". Jayantha proves  (atleast in the middle parts,-between plot point one and plot point two)  that if done properly, a historical movie could attain both audience and critic recognition.  At this state the audience is in a transitional state, not knowing if the movie would turn out to be the greatest film ever made? or another retarded story. 

Jayantha also proving that his visual poetry extends to further lengths ,instead of focusing on building the story from the birth of gamunu to his demise, he utilizes the story of the life of angampora leader's son. The son grows up to be a member of the famous 10 giant squad and explains his story to the prince gemunu. (That's when the Main Actor Uddika Premarathne is Introdued.)

Despite of the serious attacks from social media Uddika recieved, he plays his part in an acceptable manner. (i wouldnt say he's done a great job). Jackson Anthony, as usual plays his part and the rest of the cast including Shriyantha Mendis, Kusum Renu, Saranga, Umali shows their potential as well.

The Masterpiece the audience sees, ends in the latter part of the movie, with the start of the war scenes. The lack of manpower, the feeble state of the srilankan vfx artists demotes the movie which could have been an all time masterpiece to a kollywood entertainer.  The Elara Dutugemunu Duel which the mahawansa describes to be one the fiercest duels to ever take place in srilanka, is nothing but swaying spears at each other in the movie. ( i strongly recomend Mr.jayantha Chandrasiri to read, watch and compare the Duel Between "The Snake And The Mountain" in Geroge RR. Martin's A Songs Of Ice and Fire)


Maha Raja Gamunu,  an Overrated Masterpiece?




12:34 AM
26/01/2015