අපි ඕනෑම කලා කෘතියක් රස විදින්නේ අපිට තියෙන මතකයන් එක්ක. මතකයන් කියල මම අදහස් කලේ අපි බලපු,කියෝපු,ඉගෙනගත්තු දේවල් ගැන විතරක් නෙවෙයි, අපේ feelings සහ අත්දැකීම් ගැනත් හිතල. අපි බල බල ඉන්න scene එකේ තමන්ට වෙච්ච දෙයක් එහෙම් පිටින්ම පෙන්නනවනන්, නැත්තන් මට මෙහෙම වෙන්ඩ කියලා දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල ඉන්න දෙයක් වෙනවනන් අපිට ඒක සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් බොක්කටම වදිනවා. ඒක කොයි මිනිහටත් පොදු දෙයක්. ඒකයි දෙමළ ෆිල්ම් එකක hero ඇවිත් තිස්පස් දෙනෙකුට ලොකු සෙනගක් ඉස්සරහා ගහනකොට mediocre (කියලා ලොකු පොරවල් හදුන්වන) audience එක විසිල් ගහන්නේ. අතිශය ශක්තිමත්, handsome ලූක් එකක් තියෙන කොල්ලෝ ඉන්න vampire movies බලන කෙල්ලෝ බෙල්ල කාලා ලේ බොන අහිංසක ප්‍රේමවන්තයෙක්ව හැමදාම රෑට ප්‍රර්ථනා කරන්නේ අර මම කලින් කියපු හේතුව හින්දා. මේ දෙකේ දශමෙක වත් වැරද්දක් නැහැ.අඩුම ගානේ ඒ වගේ crowd එකක් තමන්ට අවංකයි, හොද ෆිල්ම් මොනවද කියල අහපුවම imdb නැත්තන් rottentomato එකේ ratings පෙරලා කියන අය්යලාට වඩා.
මම හිමීට එන්න හදන්නේ මාතෘකාවට. "මංකරන සිනමාව" වගේ අහපු ගමන් බාගෙට දාර්ශනික ගතියක් තියෙන ,එත් එහෙම නැති, එත් පොරවල් කියල කියාගන්න අය්යලාගේ ඔලුව අවුල් වෙන විදිහේ නමක් දාලා පටන් ගත්ත අද බ්ලොග් එකේ මාතෘකාව මම කෙටියෙන් පැහැදිලි කරන්නන්.


තේරුම් ගන්ඩ ඕනි.

ගින්දරි ගත්තහම එකෙන් මතුකරන මතයක් නෑ. ෆිල්ම් එකේ trailer එකේ ඉදන් ගත්තහම, ෆිල්ම් එක මැද්දෙයි, ෆිල්ම් එකේ එන්ඩ් titles වලයි ඉන්නේ උදයකාන්ත.යැකින්න පාරේ යද්දී උදයකාන්ත උදාරිට රෝස මලක් දෙනවා. උදාරි ඒක රොෂාන් රණවනට දෙනවා. ඒක ඉබින රොෂාන්ට කිබිහුමක් වගේ එකක් යනවා.
(අනේ මන්ද මොකද්ද එකක් වෙනවා, මට තවම තේරුනේ නැති.) යකින්න දකින උදයකාන්තට chain එක මාරු වෙලා බලන් ඉන්නවා. උදයකාන්තගේ ඔලුවට ගිණි ඇවිලෙනවා.assistant ල ඇවිත් ගින්න නිවනවා. සමහරවිට එතුමා ඒ වගේ ඉතා අපහසු රූප රාමු වගේකට ගිහින් කියන්න හදන දේ තේරුම් ගන්ඩ මට උපකරණ මදිව ඇති.

"නැවතත් මාතෘකාවට එමු. අධ්‍යක්ෂකවරයා කොච්චර දුරට නිර්මාණයෙන් ඉස්මතු වෙන්න ඕනිද කියන එක සාකච්චා කරන්න ඔය දෙකෙන් උදාහරණ අරන් වැඩක් නැහැ. ඒක hollywood, bollywood , කෝකටත් අදාල වෙන දරුණු මාතෘකාවක්. "
අපේ අය්යලා කොච්චර "මං කරනය" වෙලාද කියනවනං දැනටමත් ලංකාව ඇතුලේ මතයක් නිර්මාණය කරලා ඉවරයි ලොකු director කෙනෙක් වෙන්න tele-drama හදන එක නවත්තන්න ඕනි කියලා. අපි tele හදන්නේ නෑ කියල කෑගහලා කියන්නේ යුද්දේ දිනලා වගේ. එත් ඇත්තටම වෙන්න ඕනි ඔකේ අනිත් පැත්ත. කෙල වෙච්ච field එකක් දැක්කහම ඒක අතැරලාදාලා අහක බලන් යනවා වෙනුවට වෙන්න ඕනි එක ගොඩගන්න මොකක්හරි දෙයක් කරන එක. මම මෙහෙම කියන්නේ උදයකාන්ත ඔය ගොඩේ උඩින්ම
ඉන්න අය්යා කෙනෙක් නිසා. tele හදන්නේ නෑ කියලා මෙලෝ රහක් නැති ෆිල්ම් හදන එක කොටස් 500යෙ මෙගා එකක් කරා වගේ තමයි. මහේන්ද්‍ර පෙරේරාත් එමමයි. "මං කරනය" වෙලා.කිසිම tele එකක අපහු රගපාන්නේ නෑ කියන එතුමා ඊලග දවසේ අසූචි ෆිල්ම් වල රගපානව,මොකද එහෙම කිව්වම ඔහු හිතනවා මම මාර පොරක්, මම ෆිල්ම් එකක act කරාම ෆිල්ම් එක හොද නිර්මාණයක් වෙනවා කියල. ඉස්සර ටිකක් හරි හොද නිර්මාණ කරලා තැනකට ආපු උදයකාන්තට අද වෙනකොට ඔහුගෙන් එහා ගිය
ලෝකයක් නැහැ. මමයි හරි. මගේ නිර්මාණ හොදයි. ආදී වශයෙන් ඔහුගේ සියලු දේම මං කරනය වෙලා.
අපි මරා සිනමාවට විරුද්ධ උනේ ඒවා පරණ හින්දා නෙවෙයි. රජ චරිත ඉර හද නැති නළුවෝ act කරපු නිසා නෙවෙයි. ඒවගෙන් කියවුනේ තනි මිනිහෙක්ගේ ඕනෑ එපාකම් නිසා.
රජ කෙනෙක්ගේ එහෙමත් නැත්තන් dictator කෙනෙක්ගේ අවශ්‍යතාවය නිසා. අපි එය දැඩිසේ පිලිකුල් කලේ මමත්වය ඒවගෙන් දෝංකාර දුන් නිසා. අඩුමගානේ
ඒවගෙන් ජනගත උනා මොකක්හරි පණිවිඩයක්.(අඩුම ගානේ උපාසක අම්මලාට) එත් අද සිද්ද වෙන්නේ තිරය පිටුපස සිට තම කාර්ය ඉටු කර සැහෙන්නට බැරි "අධක්ෂකවරු"
(මම මෙහෙම කිව්වේ හිතලමයි.ඔවුන්ට අධ්‍යක්ෂකවරු කියන එක පාපයක් නිසා) තමන් මාර පොරවල් යැයි ජනගත කරන්ඩ හදන උත්සාහයන් නරඹන්න.
-to be continued
SD
1.06AM
5/24/2015